April 16, 2024

බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය තුළ එළියට

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා පැවසීය.

එම පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රිකක්වල හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක් මේ වන විට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් ආරම්භ කළ හැකි දිනයන්, ආරම්භ කරන ආකාරය, අනුගමනය කළ යුතු කරුණු ආදිය ඇතුළත්ව මෙම සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (20) පැවැත්වෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා කීවේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බස්නාහිර පළාත් සිසුන් වෙනුවෙන් පමණක් ලබන 25 වැනිදා පාසල් ඇරඹෙන බව ද ඇමැතිවරයා කීවේය.

Rate this item
(0 votes)