April 20, 2024

ආණ්ඩුව මොන ලස්සන වචන දැම්මත් ජැටිය ඉන්දියාවට තීන්දුයි

වරාය අධිකාරියේ මුදල් වලින් ඉදිකර ක්‍රියාකිරීමට සූදානම් කර තිබෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කුමන අදහසකින් ඉන්දියානු සමාගමකට පවරනවාද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මෙම පර්යන්තයේ කටයුතු වරාය අධිකාරිය ලෙස සිදුකළ හැකි අතර මීට පෙර එක් පර්යන්තයක් චයිනා හාබර් වෙතත් තවත් පර්යන්තයක් වෙනත්  පෞද්ගලික සමාගමක වෙතත් ලබා දී ඇති අතර ඒවායෙන් ලද ප්‍රගතිය කුමක්ද යන්න මෙහිදී සලකා බැලිය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව උත්සහ කරන්නේ දැනට කොළඹ වරායේ ධන නිධානය ලෙස පවතින කොටස බවද ඔහු ප්‍රකාශ කරන ලදී. 

''ආණ්ඩුව කියනවා මෙය වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් හොයා ගන්න අපි ඉන්දියානු සමාගමක් සමඟ අළුත් කළමණාකාරිත්වයකට යනවා කියල. වචන වලින් මේක ලස්සනට කියන්න පුළුවන්. විවිධ අදහස්,උදහස් පළකරන්න පුළුවන්. වචන වලින් කොහොම කීවත් ඉන්දියාවට කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය පැහැදිලි ලෙසම විකිණීමේ එකඟතාවය දැන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා ඉවරයි. එකේ පාඩුව ජාතියට. අපි ආණ්ඩුවෙන් අහන්නෙත් කියන්නෙත් එකම කාරණයයි. ආණ්ඩුව ජනතාවට් පොරොන්දු වුණේ මොකක්ද? ජාතික සම්පත් කිසිවක් විකුණන්නේ නැහැ කියල. එහෙම කියල මෙහෙම ආණ්ඩුවට අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ජාතික සම්පත් විකිණීම ආරම්භ කිරීම හරහා පෙන්වන ප්‍රධානම සාධකය තමයි මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණගෙන කන්න සහ ජාතික සම්පත්  හරහා හරිහම්බ කරගන්න උත්සහ කරනවා කියන දේ.''

ඒ අනුව ජාතිය සතුව තිබෙන දේපළ විකිණීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප අකරණ බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

Rate this item
(0 votes)

Related items