March 29, 2024

අත් අඩංගුවට පත් රුසියානු විපක්ෂ නායකයාගේ ගුවන් ගමන ලක්ෂ 5 ක් නිරීක්ෂණය කරලා ...(වීඩියෝ)

විෂක් ශරීරගත වීම හේතුවෙන් ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රුසියාවේ මොස්කව් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ඔහු ජර්මනියේ ප්‍රතිකාර ලබා යළි සිය රටට පැමිණි අවස්ථාවේදීය. විදෙස් මාධ්‍ය පල කොට තිබුනේ ඔහු ගමන් ගත් ගුවන් යානයේ ගමන් මග ලක්ෂ පහක පමන පිරිසක් නිරීක්ෂණය කරනු ලැබූ බව වාර්තා වන බවයි.  

කිසිදු පැහැදිළි කිරීමකින් තොරව පදනම් විරහිතව ඔහු අත්අඩංගුවට ගත් බව රුසියානු විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් කියා සිටියා ය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වස ලබා දී ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි ඇතැම් පාර්ශව රුසියානු ජනාධිපතිවරයාට චෝදනා කර තිබේ.එල්ල කරා 

ඒ, ඇලෙක්සි නවාල්නි, රුසියානු ජනාධිපති ව්ලැදීර් පූටීන්ගේ ප්‍රබල විවේචකයෙකු වීම පදනම් කර ගනිමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 17:27