April 16, 2024

උපාධිධාරීන් දහසක් රජයේ කම්කරු රැකියාවල - රජය තීන්දුවක් ගනී

ඌන සේවාවල යෙදී සිටින රජයේ සේවකයන් අතරින් උපාධිය සමත් අයට උපාධි පත්වීම් ලබා දීමට රජය තීරණය කර ඇත.  

උපාධිධාරීන් 1000 කට අධික පිරිසක් රාජ්‍ය ආයතනවල කම්කරු හා කාර්යාල කාර්ය සහායක තනතුරුවල යෙදී සිටින බව අනාවරණය වී ඇත.  

මෙම පිරිසට උපාධි පත්වීම් ලබා දෙන ලෙසට උපාධිධාරි වෘත්තීය සංගම් ඉල්ලීම් කර තිබුණි.  

උපාධිධාරි පත්වීම් ලබා දීමේ දී වයස් සීමාව නොසලකා හැරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාශයේ ප්‍රකාශකයෙක් කීය.  

Rate this item
(0 votes)