March 29, 2024

පොසිටිව් වූ රාජ්‍ය ඇමති ටයර් කම්හල විවෘත කරන උත්සවයටත් ගිහින් .( ඡායාරූප)

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාටත් මේ වන විට  කොරෝනා පොසිටිව් වී ඇති බව වාර්තා වනවා . පසුගිය දිනවල අතිශයින් ආන්දෝලනයට පත් වු ධම්මික පැනිය භාවිතා කළ ඇමතිවරුන්ගෙන්  පියල් නිශාන්තත් එක් ඇමතිවරයෙක් . මෙම අමාත්‍යවරයා පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සහභාගී වූ ටයර් කම්හල විවෘත කිරීමේ උත්සවයටත් සහභාවී තිබුනා .

ධම්මික පැනිය පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් රැසක් භාවිතා කල බවට මාධ්‍ය වල පුවත් පල වු අතර කතානායක වරයා මෙන්ම පවිත්‍රා වන්නිආරචිචි මයත්මිය ද ධමිමික පැනිය ප්‍රසිද්ධියේ භාවිතා කරනු ලබන ඡායාරූප විවිධ මාධ්‍යන්හි පල වී තිබුනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් මුලින්ම  කොරෝනා ඇති බවට වාර්තා වුනේ බතික්  කටයුතු  පිළිබඳ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට . එමෙන්ම ප්‍රේමනාත් සී දොලවත්ත මහතාටද පී සී ආර් පරීක්ෂණයක් කරනු ලැබූ බව මුද්‍රිත මාධ්‍යක පල වී තිබුනා . කෙසේ නමුත් ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ සමීප හිතවතකු අප සමග පැවසූවේ එතුමාගේ වාර්තා නෙගටිව් බවයි . මේ වන විට පාර්ලිමේන්තු සේවකයන් කිහිප දෙනෙකුම කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර මෙ අනුව පාර්ලිමේන්තු පොකුර තවදුරටත් වර්ධනය වේ යැයි අවධානමක් පවතිනවා . 

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 17:09