April 19, 2024

ධම්මික පැණියේ තවත් ප්‍රතිඵලයක් - පැණිය බිව්ව රාජ්‍ය ඇමැතිටත් කොවිඩ්

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ මහතාට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇත.

මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටී.

මේ අතර, පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 16:39