April 20, 2024

ජනපතිට උපන් නම කිව්වම තරහ ගිය එක අපිටත් ප්‍රශ්නයක්

ගෝඨාභය රාජපක්ෂ ජනපතිට ඔහුට උපතින් ලැබුණු නමේ කොටසක් වන නන්දසේන රාජපක්ෂ යයි හඳුන්වා දුන් විට ජනපතිවරයාට තරහ ගියේ ඇයි දැයි යන්න ප්‍රශ්නයක් බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනපතිවරයාට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නන්දසේන යැයි කිව්වේ එය ඔහුට උපතින් ලැබූ නමේ කොටසක් නිසා බව සමගි ජන බලවේගය නියෝජනය කරණ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේ නැතුව නන්දසේන යැයි කිව්වේ ජනපතිවරයාට අපහාස කිරීමේ අරමුණින් නොවන බව ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමාට නන්දසේන කීවේ තමාගේ අසාර්ථක බව නිසා දැයි ඔහුට සිතෙන්නට ඇති බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද ආණ්ඩුවේ ඇමති ධූරයක් දරණ විමල් වීරවංශ මහතා එදා මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරය දරද්දී "අයියෝ සිරිසේන" යැයි උපහාසයට ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ හැරුණු කොට යහපාලන ආණ්ඩුවේ අග්‍රමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ද සංවිධානාත්මකව වෙන වෙන නම් වලින් ආමන්ත්‍රණය කළ ද ඔවුන් කිසිවිටෙකත් ඉන් නොකිපුණු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Rate this item
(4 votes)
Last modified on Monday, 18 January 2021 16:42