March 29, 2024

ඇමති අසරණ වේ - දැනුවත් කිරීමේ වැඩමුළුවේ දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේත් විරෝධය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට විදේශීය ආයෝජනයන් සම්බන්ද කරගැනීමට එරෙහිව ආණ්ඩුව තුළින්ම විරෝධතා මතු වෙමින් තිබේ.

ඉකුත් 15 වැනිදා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති රැස්වීමේදී මෙම විරෝධතාවය එල්ල වී තිබේ.

එහිදී වාසුදේව නානයක්කාර, සරත් වීරසේකර, දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, ගෙවිඳු කුමාරතුංග යන මහතුන් අමාත්‍යවරයාගේ ප්‍රශ්න කර තිබෙන්නේ නැගෙනහිර ජැටියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දේශීය ආයෝජකයන් සොයා ගැනීමට නොහැකිද යන්නය.

වරාය අධිකාරියේ මුදලින් ඉදිකළ නැගෙනහිර ජැටිය විකුණා දැමීම ජාතික අපරාධයක් බව එහිදී ඔවුන් පෙන්වා දී තිබෙන අතර ඉන්දියාවේ අදානි සමාගමට 49% ක කොටස් දීමද වැඩි බව ද සදහන් කොට තිබේ.

ඊට පිළිතුරු දෙමින් විෂය භාර අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ අදානි සමාගම ඉන්දීය රජය විසින් නම් කොට තිබෙන බවත් ඉන්දියාව පමණක් නොව ජපානයේ ආයෝජකයන් ද මෙම 49% ට ඇතුළත් වන බව ය.

මෙහිදී වරාය සතු 51% අයිතියේ ප්‍රමාණයවත් වැඩි කිරීමට නොහැකිදැයි ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රශ්න කොට තිබේ.

එම වැඩමුළුවේ දී ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ගේ අදහස වී තිබෙන්නේ ජාතික සම්පත් විදේශීය සමාගම් යටතට පත් කිරීම සුදුසු නැති බවය.

Rate this item
(2 votes)
Last modified on Monday, 18 January 2021 16:35