April 25, 2024

රටම මිලිටරිකරණය කරන්න හදනවා - පොලිස් ඇමතිගේ හමුදා පුහුණුවට සජබයේ විරෝධය

වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට හමුදා පුහුණුවක් දීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.

මෙය හමුදා පාලනයක ලක්ෂණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කරනු ලැබිය.

අමාත්‍යංශ, අමාත්‍යංශ ලේකම් ධුර සඳහා මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා ද හමුදා නිලධාරීන් පත්කර ඇති මෙවන් අවස්ථාවක රජය අසමත් වන විට හමුදා පාලනයකින් හෝ බලය පවත්වා ගෙනයාමට රජය කටයුතු කිරීමට උත්සහ කරන බව මෙහිදී ඒ මහතා චෝදනා කරනු ලැබිය.

හමුදා පුහුණුවක් සිවිල් වැසියන්ට අවශ්‍ය නොවන බවත් එමඟින් ඔවුන් තුළ මිලිටරිකරණ මානසිකත්වයක් ගොඩ නැගීමට රජයේ උත්සහයක් ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක්

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 14:28

Related items