March 28, 2024

මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ට මියන්මාරයෙන් ගෞරව නාම

කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් මියන්මාර් රජයෙන් ගෞරවනාම ලබයි.

මියන්මාර් රජයේ 73 වැනි ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ගෞරව සම්මාන ලබාදීමට එරට රජයගත් තීරණය අනුව අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත ගෞරවනාමය මහාචාර්ය පූජ්‍ය විජිත ධම්ම හිමියන්ට ලබාදී තිබේ.

එම සම්මානයෙන් පුදලබන ප්‍රථම ලංකීය භික්ෂුන් වහනසේලෙසද විජිතධම්ම හිමියන් ඉතිහාසයට එක්වේ. කෝට්ටේ ශ්‍රී කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික විජිතධම්ම හිමියන් වර්තමානයේ ලොව විශිෂ්ඨතම පාලි කතිකයා ලෙසද විරුදාවලිය ලබා තිබෙන අතර  ලංකාවේ බිහිවූ ලාබාලතම  මහාචාර්යවරයකු ලෙසද උන්වහන්සේ ඉතිහාස ගතව තිබේ.

පාලි හා බෞද්ධ සාහිත්‍ය වෙනුවෙන් ඉටු කරන ලබන සුවිශේෂී සේවය  අගයා මියන්මාර් රජය විජිතධම්ම හිමියන්ට මෙම ගෞරව සම්මානය ලබා දී තිබේ.

Rate this item
(0 votes)