April 25, 2024

වරාය ගැන පරස්පර කතා ගොඩක් ...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට විකිණීමට යාමෙන් රට තුළ දැවැන්ත ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය වියහැකි බවට බෙංගමුවේ නාලක හිමි රජයට අනතුරු හඟවා සිටියි. 

"විකුණන් නැත්නම්, 49%ක් දෙනවා කියන්නෙත් විකිණීමක් නම් එය නොකළ යුතුයි. ඒ හඬට ඇහුම්කන් දෙන්නෙ නැතුව රජය අදානි සමාගමට හරි වෙනත් කාටහරි මේ වරාය ආයෝජකයෙක් හැටියට සලකලා දෙන්න ගියොත් එහෙම වෙන දේ මම කියන්නම්, ආණ්ඩු විරෝධී මහා රැල්ලක් ඇතිවෙනවා. මේ වරයා මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා කියලා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, වරාය ඇමතිතුමාට හැමෝටම මතක් කරලා දෙන්නෙ ඒකයි. 

ඊළඟට මේ අදානි කොම්පැණිය කියන්නෙ මහ භයානක කොම්පැණියක්. ඉන්දියාවෙ තිබෙන ජාතික වරායක් වන ජවහල්ලාර් නේරු වරාය නැතිවෙන තැනටම වැඩකරලා ඒගොල්ලන්ගෙ වරායවත් මතුවෙන තැනට වැඩකරගත්ත කොම්පැණියක්. ඒගොල්ලන් තමන්ගෙ රට වෙනුවෙන් හිතනවා මිසක් අපේ රට වෙනුවෙන් හිතන්නෙ නෑ. ඒනිසා අදානි කොම්පැණියේ අනාගත අපේක්ෂාව වියහැක්කේ සේද මාවත ඔස්සේ ගමන් කරන නැව් ඒගොල්ලන්ගෙ වරායවල් වලට ගෙන්වා ගැනීම මිසක් අපේ වරායට ඒවා ගෙන්වාදීම නොවෙයි. 

කොමිෂන් විශාල වශයෙන්, ලොකූ ගණං, කෝටි ගණං ලැබෙනවා. ඒවා ගැන හිතලා මෙහෙම කටයුතු කරන්න යනවා නම් ඒකත් දේශද්‍රෝහී වැඩක්" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

එසේම තිස්ස අත්තනායක මහතා මේ පිළිබඳව අදහස් පල කරමින් " නැගෙනහිර ජැටිය කියන්නෙ රන් ආකරයක්. ඒක විකුණන්න යන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ. 

මේ පිළිබදව විවිධ පාර්ශවයන් විවිධ අසහස් දක්වනවා . අමාත්‍ය කෙහෙලිය රඔුක්වැල්ල මහතා පවසා සිටියේ ලෝකයත් සමග ගනුදෙනු කිරීමේ දී විවිධ ගිවිසුම් වලට එළඔීමට සිදුවන  බවත් එයින් විකිණීමක් කිසිසේත්ම අදහස් නොවන බවයි . 

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 12:22