April 24, 2024

ලියාපදිංචිය නැතිනම් මේ මාසේ සිට දුරකථන බ්ලොක් (VIDEO)

තමා කිසිම සමාගමකින් අල්ලස් ගෙන නොමැති බවත් අඩුම තරමින් තෑග්ගක්වත් අරගෙන නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඕෂධ සේනානායක මහතා හෙළිකරයි.

අඩුම තරමින් තමන් ජීවත් වෙන ගෙදරටවත් සංඥා නොමැති බවද සභාපතිවරයා අවධාරණය කරයි.

මින් ඉදිරියට WhatsApp භාවිතය අනතුරක් බව පෙන්වා දෙන සභාපතිවරයා ඉන් කෙනෙකුගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම නිරාවරණය වන බව ද පෙන්වා දෙයි.

TRC ආයතනයේ ලියාපදිංචි නොවන දුරකථන මේ මාසයේ සිට අවලංගු කරන බවද පෙන්වා දෙන සභාපතිවරයා එම ලියාපදිංචිය සඳහා අතිරේක කිසිදු මුදලක් අය නොකරන බවද අවධාරණය කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා මේ අදහස් පල කලේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 January 2021 10:18