April 25, 2024

මාව නිදහස් කරගත්තේ මල්වතු මහ නාහිමි සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරියයි (VIDEO)

සිරගතව සිටිද්දී තමන් වහන්සේට ජම්පරය ඇන්දවීමට කිසිවෙකුටත් නොහැකි වූ බවත් එනිසා තමන් වහන්සේගේ භික්ෂුත්වය නැති වී නොමැති බව ජනපති පොදු සමාව ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් හෙළිදරව් කරයි.

කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් කඩා ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන ආවේ තමන් වහන්සේ බවද උන් වහන්සේ හෙළි කරයි.

නීති විරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ආයුධ ගෙනැවිත් කුමන්ත්‍රණය කළා යැයි චෝදනා කරමින් තමන් වහන්සේව කුමන්ත්‍රණයකට හසු කළ බවය.

බැසිල් රාජපක්ෂ මහතා හැදුනෙත් තමන් වහන්සේගේ පන්සලේ බවද උන් වහන්සේ හෙළි කරයි.

තමන් වහන්සේට ජනාධිපති සමාව ලබා දීමට මුල් වූයේ මල්වතු පාර්ශවයේ මහ නාහිමි සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය බව පෙන්වා දෙන උන්වහන්සේ සරත් ෆොන්සේකා මහතා දුරකථන ඇමතුමක්වත් නොදුන් බවද ප්‍රකාශ කරයි.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් මේ අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 10:16