April 20, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන නාමල් අසතුටින් - දැඩි තීන්දුවකටත් සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ගැන තමන් සතුටුදායක තත්ත්වයක නොමැති බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පවසා තිබේ.

ඒ පිළිබඳව තමන් ක්‍රිකට් පාලක මණ්ඩලයද දැනුවත් කළ බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර මේ දිනවල ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට හොඳ නැති බැවින් එංගලන්ත සංචාරය අවසන් වූ වාහම ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට දැඩි තීන්දුවක් ගැනීමට සුදානම් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ ඊයේ (16) කළුතර ප්‍රදේශයේ තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)