March 28, 2024

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුට කොරෝනා

පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයන් තවත් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෑතකදී සිදුකළ PCR පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇති බවයි.

කතානායකවරයාද ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් 460 ක පමණ පිරිසකට මෙම පරීක්ෂණ සිදුකරනු ලැබීය.

මෙම තත්වය යටතේ පාර්ලිමේන්තුව ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන සතියේ දී තීන්දුවක් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු සේවකවන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර ඇත්තේ පාර්ලිමේන්තුව දෙසතියකට පමණ කල් දමන ලෙසයි.

Rate this item
(0 votes)