April 24, 2024

ඇඹිලිපිටිය - බලන්ගොඩ නගර සභා සභාපති තනතුරු අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ගමගේ ලලිත් ධර්මකීර්ති මහතාගේ සහ එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන මහතාගේ සභාපති තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා නියෝග කර තිබෙන බව වාර්තා වනවා.

2021 ජනවාරි 15දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවයා මෙම නියෝගය සිදුකර තිබෙනවා . නගර සභාපතිධූරයන් දැරීම තාවකාලිකව අත්හිටුවීමෙන් පුරප්පාඩු වු ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිධූරයේ වැඩ බැලීමට උපසභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජ්‍ය නායක සුභසිංහ පතිරණගේ දිනේෂ් මධුසංක මහතා සහ බලන්ගොඩ නගර සභාපති ධූරයේ වැඩ බැලීමට එම නගර සභාවේ උප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන තාහීර් මොහොමඩ් රූමි මහතා පත්කරන බව ද ගැසට් නිවේදනයේ දැක්වෙනවා .

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ගමගේ ලලිත් ධර්මකීර්ති මහතා සහ බළන්ගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන මහතා නගර සභා ආඥාපනතේ 184(1) වගන්තිය යටතේ දක්වන වරදවල් සිදුකර ඇද්ද යන්න පිළිබඳව තෙමසක් ඇතුළත පරීක්‍ෂා කර වාර්තා කිරීමට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු හේරත් මුදියන්සේලාගේ රෝහණ අනුර කුමාර මහතා පත්කර ඇත. එම පත්වීමට කොමිෂන් සභාවක බලතල හිමිවන බවද ගැසට් නිවේදනයේ සදහන් .

බලන්ගොඩ නගර සභාවේ අයවැය මෙවර පරාජයට පත්වූ අතර ඇඹිලිපිටිය නගර සභාවේ අයවැය සම්මත කිරිම සම්බන්ධයෙන් සභිකයන්ගෙන් පැමිණිලි ලැබී තිබුන

Rate this item
(0 votes)