March 09, 2021

ලෝකයේ භයානකම අවිය උතුරු කොරියාවෙන් - වීඩියෝ සහිතයි

ඇමරිකන් අධිරාජ්‍යවාදය තමන්ගේ විප්ලවයේ එකම සතුරා ලෙස සලකමින් උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ 8 වැනි සම්මේලනය ඊයේ (16) සිකුරාදා දිනයේදී සමාප්ත විය. මෙම සම්මේලනය අවසානයේ ලොව විශාලතම හා භයානකම බැලස්ටික් අවියක් හා නව මිසයිල 4ක් ප්‍රදර්ශණය කරමින් දැවැන්ත හමුදා සංදර්ශණයක් පවත්වමින් මුළු ලොවම විශ්මයට පත් කරන ආකාරය එරට මාධය මගින් වාර්තා කොට තිබුනා.

2021 ජනවාරි 6 වැනිදා ආරම්හ වූ මෙම සම්මේලනය අමතමින් උතුරු කොරියානු නායක Kim Jong-un පසුගිය සම්මේලනයෙන් පසු වසර හතරක කාලය තුලදී ආර්ථික කේෂ්ත්‍රයේ රජය අපේක්ෂා කල අරමුණු ඉටුකර ගත නොහැකි වූ බවත් ඊළඟ වසර පහ තුලදී පක්ෂ සාමාජිකයින් හා ජනතාව තුලින් රට වෙනුවෙන් වැඩි කාලයක් හා කැපවීමක් අපේක්ෂා කරන බව පැවසු බව වාර්තා වනවා

සමුළුව අවසානයේ පැවැත්වෙන හමුදා සංදර්ශනය නැරබීමට දකුණු කොරියාව මෙන්ම ලොව සියළු මහා ජාතින් වඩාත් උනන්දුවක් දක්වනවා

සියළු දෙනා මහත් නොවිසිල්ලෙන් බලා සිටි සම්මේලනය අවසානයේදී පැවැත්වූ හමුදා සංදර්ශණදී මෙයට පෙර ප්‍රදර්ශණය නොකෙරුණු න්‍යෂ්ටික සබ්මැරිනයක සිට විදිය හැකි විශාල බැලස්ටික් (ICBM) වර්ගයේ මිසයිලයක් « Pukguksong-5 නමින් ලොවට ඉදිරිපත් කර ඇත. මෙම මිසයිලය සමස්ථ ඇමරිකාවම ආවරණය වනපරිදි කිලෝමීටර් 150000ක දුරක් දක්වා විදිය හැකි බව න්‍යෂ්ටික විශාරදයින් පවසනව. ඊට අමතරව තවත් මිසයිල 4ක්ද මෙහිදී ප්‍රදර්ශණය කෙරුණා .

ජාත්‍යන්තර නීතිය තුල පිළිගැනෙන ආත්ම ආරක්ෂාව සඳහා සියළුම රටවලට න්‍යෂ්ටික අවි දැරීමේ අයිතිය සංකල්පය ඔස්සේ යමින් ලෝකයේ නවතම න්‍යෂ්ටික බලවතෙකු වී ලොව අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් හා සමානයෙක් වීමට උතුරු කොරියාව සමත්වී ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඒ අනුව මෙම නව බලවතා සමග ගණුදෙනු කිරීමේදී රුසියාව හා චීනය සමග ගනුදෙනු කරනා හා සමානව වඩාත් බුද්ධිමත්ව කටයුතු කිරීමට බයිඩන් පාලනයට ඒ අනුව සිදුවනු ඇති බවද ඔවුන්ගේ පිළිගැනීමයි.

Rate this item
(0 votes)