April 20, 2024

පොලිස්ථානවලට නීතීඥවරුන් 150 දෙනෙකු පත්කිරීමට නීතීඥ සංගමය හරස් වෙයි ( Photo )

පොලිස්ථානවලට නීතීඥවරුන් 150 දෙනෙකු පත්කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතීඥ සංගමය සවිස්තර කරුණු සහිත ලිපියක් අධිකරණ ඇමතිවරයාට යොමු කරමින් ප්‍රබල කරුණු ගණනාවක් මතු කර තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් පසුගිය 13 වනදා එම ලිපිය යවා ඇත. “නීතීඥවරුන් 150ක් පොලිස් දෙපාර්තමේන්තුවට අනියුක්ති කිරීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙසත් ඒ තුළින් උද්ගතවියහැකි නීතීඥ වෘත්තීයේ ආචාරධර්ම සම්බන්ධයෙන් පැණනැගිය හැකි බලපෑම් සලකා බලන ලෙසත් මෙහි දක්වා ඇති ආකාරයට අවශ්‍යතාවයන් ඇත්තේනම් නඩු මෙහෙයවීමේ ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත්” නීතීඥ සංගමය දන්වා තිබේ.

නීතීඥ වෘත්තීය හා ගැටෙන මෙවැනි කරුණු ගණනාවක් එම ලිපියෙන් ඉස්මතුකර තිබේ. “මෙම යෝජනාව නොයෙකුත් හේතූන් මත නීතීඥ වෘත්තීයේ අභිමානයට හා ස්වාධීනත්වයට බලපෑම් ඇති කළ හැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී සදහන් කොට තිබෙනවා

එම ලිපිය පහතින්

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 January 2021 06:07