April 17, 2024

"එක වාසියක් තියෙනවා“ - රනිල් අනාවැකියක් කියයි( වීඩියෝ ) Featured

කොවිඩ් එන්නතක් ලබාගැනීම සම්බන්ධයෙන් රජයට මෙතෙක් නිසි සැලසුමක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (16) තරුණයන් පිරිසක් සමඟ නුගේගොඩ පැවති විශේෂ සංවාදශීලි හමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී "ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නෑ. අපි හිඟාකනවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. මෙහෙම බොරු කරන්න එපා." යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී ප්‍රශ්නයක් යොමුකරමින් එහි සිටි අයෙක් ඇසුවේ, "මේ මොහොතේ ඔබතුමන්ලාගේ රජයක් තිබුණා නම් මොනවගේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන්නේ.. සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට," යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, "එක වාසියක් තියෙනවා. රජයෙත් නෑ පාර්ලිමේන්තුවෙත් නෑ," යනුවෙනි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 January 2021 07:47