March 28, 2024

එජාප මහලේකම්කම මුල්කරගෙන රනිල් රවී හැප්පෙයි

තමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්  බැවින් තමාට අවශ්‍ය උප නායක ධුරය නොව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්කම බව රවි කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ සමඟම දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් ද හටගෙන ඇත. එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත් පත්කිරීමට සුළු මොහොතකට පෙර වික්‍රමසිංහ මහතා සමඟ කරුණානායක මහතා මෙන්ම නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම මතභේදාත්මක තත්ත්වය හටගෙන තිබේ.

එජාපයේ මහලේකම්කම ගමෙන් පැමිණි පුද්ගලයකුට දිය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා කරුණානායක මහතා හා පිරිස හමුවේ සඳහන් කර තිබෙන අතර ඉන් කෝපයට පත් කරුණානායක මහතා තමාට මහලේකම් කම  දෙන්නේ නැත්නම් පක්ෂයේ ඉඳලා වැඩක් නැති බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක්  පවත්වා තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කරමින් පක්ෂ නායකයාගේ කාමරයෙන් පිටව ගොස් තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 January 2021 20:49