April 20, 2024

රන්ජන් අවංක මිනිහෙක්..මම කිව්වා සමාව ගන්න කියලා - ඇහුවේ නෑ

රන්ජන් රාමනායක මහතා හොරෙක්, වංචනිකයෙක් නොවන බව රන්ජන් රාමනායක මහතාට පෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලැබූ එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

අධිකරණයේ නඩුකාරයින්ට හා නීතිඥයින්ට එරෙහිව කළ ප්‍රකාශ පිළිබඳව රන්ජන් රාමනායකට සමාව ගන්න යැයි තමන් ඔහුගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඊට එකඟ නොවූ බව එස් බී දිසානායක හිටපු අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

ඔය අපහාස කිරීමේ සිද්ධිය සිදුවූයේ යහපාලන ආණ්ඩුවේ තමාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිද්දී බවද තහවුරු කරන එස් බී දිසානායක මහතා ඔහු කිසි විටෙකත් සමාව ගැනීමට සූදානම් නොවූ බවද පෙන්වා දෙයි.

රන්ජන් රාමනායක මහතා බොහෝ එඩිතර ප්‍රකාශ කරන බවත් එහෙත් ඉන් බොහෝමයක් නීත්‍යානුකූල ඒවා නොවන බව ද පෙන්වා දෙන දිසානායක මහතා රන්ජන් රාමනායක මහතා ඔහුගේ ස්ථාවරයේ දැඩිව රැඳී සිටින පුද්ගලයකු බව ද සඳහන් කරයි.

Rate this item
(12 votes)
Last modified on Saturday, 16 January 2021 20:46