April 19, 2024

රෝහිත අබේගුණවර්ධනලට ලැජ්ජාවක් නැති නිසා හොදයි - නැත්තං කොහොමද ටයර් ෆැක්ටරිය විවෘත කරන්න යන්නේ?

ඉකුත් 14 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී විවෘත කෙරුණ දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමට ගිය සමහරුන්ට කලිසමක් ඇඳගෙන එහි යාමට නම් නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ අමාත්‍ය විමල් විරවංශ, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන වැනි එවකට විපක්ෂයේ පිරිස් එම කර්මාන්තශාලාව උපහාසයට ලක් කල බවත් රෝහිත ගුණවර්ධන යනු ලැජ්ජාවක් ඇති පුද්ගලයකු නොවන බවත්ය.

දැවැන්ත ආයෝජනයක් වන එම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව ආරම්භයේ පටන්ම එවකට විපක්ෂය විසින් එයට බාධා කල බවත් මලික් සමරවික්‍රම මහතා නොවන්නට එය සිදු කිරීමට නොහැකි වන බවටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 January 2021 20:12