April 24, 2024

"ජනාධිපතිතුමා දාපු ප්‍රෙෂර් එක නිසා තමයි ටයර් කම්හල මෙච්චර ඉක්මණට පටන් ගන්න පුළුවන් වුණේ"

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tyre Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 14 වැනිදා විවෘත කෙරිණි.

එම උත්සවට සහභාගී වීමට පැමිණි ජනාධිපතිවරයාව ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබීය.

උත්සව සභාව අමතමින් ඒ මහතා මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති නිරන්තරයෙන් කරුණු විමසු බවත් “ජනාධිපතිතුමා දාපු ප්‍රෙෂර් එක නිසා තමයි ටයර් කම්හල මෙච්චර ඉක්මණට පටන් ගන්න පුළුවන් වුණේ” බවත් පැවසීය.

Rate this item
(0 votes)