April 19, 2024

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මි වෙනවා

රන්ජන් රාම­නා­ය­කට වසර එකො­ළ­හක් යන තුරු ප්‍රජා අයි­තිය අහිමි වන බැවින් එම කාලය තුළ ඔහුට කිසිදු මැති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් විය නොහැකි බව මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා මහතා පැවසීය.

මේ සම්බ­න්ධ­යෙන් කළ විම­සී­ම­කදී ඒ මහතා කියා සිටියේ ඔහුගේ ප්‍රජා අයි­තිය අහෝසි වන්නේ සිර දඬු­වම් දී ඇති වසර හත­රද ඇතු­ළුව ඉදිරි වසර හතක්ද සම­ඟ බවය.

රන්ජන් රාම­නා­ය­කගේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ඔහුට දඬු­වම් නියම වූ දිනයේ සිට මාස හය­කට පසු වන අතර ඔහුට පාර්ලි­මේන්තු රැස්වී­ම්ව­ලට සහ­භා­ගි­වී­මට අයි­ති­යක් නොමැති බවත් හෙතෙම කීවේය.

මෙය ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වක් බැවින් ඔහුට අභි­යා­චනා කිරී­ම­ටද නොහැකි බවත් කීවේය.

Rate this item
(0 votes)