April 20, 2024

දුරකතන අංකය වෙනස් නොකර -වෙනත් ජාලයකට මාරු වෙන්නේ මෙහෙමයි

තම දුරකථන අංකය වෙනත් ජාලයකට මාරු කර ගැනීමේ ඇති හැකියාව පිලිබදව මහජන අදහස් විමසීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා . එයට අදාලව තම අදහස් www.trc.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල පතිකාව පිරවීමේ හැකියාව තිබෙනවා . එසේත් නැත්නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑලට තම අදහස එවිය හැකි වනවා.

මෙහිදී තමන් දැනට බාවිතා කරනු ලබන දුරකථන සබදතාවය වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් තමන්ගේ අංකය වෙනස් කිරීමකින් තොරව එය කල හැකි වනවා . මෙය හදුන්වන්නේ  Number Portability ලෙසින්

මෙම ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් දැනට භාවිත වන ( 071 ,077, 072 , 075 )යන අංක පොදු අංක බවට පත්වන බවත් ඕනෑම දුරකථන සබදත්වයක් ඔස්සේ එම අංක භාවිත කල හැකි බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලදාරියෙක් වාර්තා කොට තිබුනා .

මේ සම්බන්දයෙන් පැවැති මුලික සාකච්චා වලදී දුරකතන සමාගම් වල සහයෝගය යහපත් බවත් මේ සම්බන්දයෙන් මහජන මත විමසීමක්ද කිරිඉම උචිත බවත් පෙන්වා දුන්නා

ඒ අනුව ඔබටද ඉහත ආකාරයට මෙම මත විමසීම වෙනුවෙන් සහබාගී විය හැකි වනවා .

Rate this item
(1 Vote)