April 23, 2024

එංගලන්ත ක්‍රීඩකයින් සිටින හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ්

එංගලන්ත ක්‍රීඩකයින් නවාගැන්ගෙන සිටින හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

මෙම ක්‍රීඩකයන් සමග පැමිණි එක් ක්‍රීඩකයෙකුට කොරෝනා නව ප්‍රභේදය ආසාදනය වී ඇති බව මේ වනවිටත් අනාවරණය වී තිබෙන අතර මොවුන් නවාතැන් ගෙන සිටින්නේ ගාල්ල දඩල්ලේ පිහිටි සුපිරි සංචාරක හෝටලයකය.

මෙම දෙදෙනා රත්ගම, කපුමුල්ල, විලිගම සේවකයින් ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු වන අතර ඔවුන්ට වැළඳී ඇත්තේ නව ප්‍රභේදයද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

නෙසේ වෙතත් මෙම සේවකයින් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ  (14) එම හෝටලයේ සිටින ක්‍රීඩකයින්ට සහ සේවකයින්ට සිදුකළ PCR පරීක්ෂණයක් මගිනි.

මේ අතර එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය (14) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 January 2021 05:47