April 19, 2024

රන්ජන් වැනි කෙනෙකුට අධිකරණය විසින් කට වසා තබනු හැර වෙන කළ හැකි දෙයක් නෑ..

 “පහුගිය දිනවල දිගින් දිගටම කතාවුණා රංජන් මහතා හිරේ දාපු කතාව. අපි කැමතිත් නෑ කවුරුවත් හිරේ යවන්න. සියලු ම විශ්වාසයන්ට ගරහපු කෙනෙක් ඔහු. එහෙම කෙනෙක් පක්ෂයක් හැටියට නෙවෙයි අධිකරණය විසින් කට වසා තබනු හැර වෙන කළ හැකි දෙයක් නෑ. මෙය මානසික විකෘතිතාවක් හැටියටයි මා දකින්නේ. කිසිම ඇපීල් එකක් ඔහු වෙනුවෙන් ඉල්ලන්න හෝ බැහැ. දේශපාලනික වශයෙන් ඔහුට බලපෑම් කරන්න රජයට අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. වැඩිවශයෙන් ම ඔහු අධිකරණයට, බෞද්ධ සංස්කෘතිය. ආගම්වලට විරුද්ධව කතා කළ කෙනෙක්. කාගෙවත් වටිනාකම් ඔහුගෙ ඔලුවෙ තිබුණෙ නෑ.  රටේ මිනිස්සු දන්නවා, ඔහු කවුද ඔහු කියන දේ මොනව ද කියන එක. ඒ පිළිබඳ ගත් තීන්දුවක් විදියටයි මේක අපි දකින්නේ” යැයි ද පැවසීය.

Rate this item
(0 votes)