April 20, 2024

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න රජයේ කිසිම සූදානමක් නැහැ - බුද්ධික වික්‍රමාදර පොදු ජන පෙරමුණේ තරුණ සංවිධානය

කොළඹ නෙලුම් මාවතේ අද (15) පැවති හමුවේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ සංවිධානය නියෝජනය කරමින් බුද්ධික වික්‍රමාදර මහතා නැගෙනහිර වැටිය විකිණීම සම්බන්දව අදහස් පල කළා.

“ලෝකෙ කිසිම රටක් ආයෝජන නැතිව දියුණු වෙලා නැහැ. කිසිම දෙයක් මේ ආණ්ඩුව යටතේ විකුණන්නෙ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න රජයේ කිසිම සූදානමක් නැහැ. පහුගිය ආණ්ඩුව වගේ කිසිම දෙයක් හොරෙන් කරලත් නැහැ. කරන්න යන දේ පැහැදිලිව ජනතාවට මාධ්‍ය හමුවට ප්‍රසිද්ධියේ කියල තියෙනවා. මේක දේශීයත්වය ගැන හිතන ආණ්ඩුවක්. අපි රූකඩ ආණ්ඩුවක් නොවෙයි. ආයෝජකයන්ට අවස්ථා විවෘත කරල තියෙනවා. මෙතන කිසිම කිසිම විකිණීමක් හෝ බදුදීමක් සිද්ධ වෙලා නෑ”

තවදුරටත් කරුණු දැක්වූ බුද්ධික වික්‍රමාදර මහතා, වර්ෂ 1971,83,87 වගේ කාලවල දී තරුණ නැගිටීම් අපි දැක්කා. ඒකට හේතුව වුණේ ගම ගැන කවුරුවත් හරියට බලල තිබුණේ නෑ. තරුණ නැගිටීම් අපි දැක්කා . ඒකට හේතුව තමයි ගම ගැන බලන නායකයෙක් පත් වී නොසිටීම ඒ කාර්යභාරය ඉටු කරන්න තමයි බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මේ සඳහා පුරෝගාමී වී සිටින්නේ. මේකට හේතු සොයලා බැලුවට පස්සේ ගමේ ගැටලු නොවිසඳී ම තමයි මේකට හේතු වුණේ. දැන් අපි සූදානම් ගමේ ප්‍රශ්න ගමේ දි විසඳන්න. ඒ වගේ ම ආර්ථික වැඩපිළිවෙලක් එක්ක ගමේ තරුණයන්ට, කාන්තාවන්ට සමාජයීය වශයෙන්,දේශපාලනික වශයෙන් සිදු වන දේ සම්පිණ්ඩණය කරමින් වැඩ සමග යළි ගමට වැඩ සටහන ආරම්භ කර එහි මූලික අදියරේ වැඩ කටයුතු අදින් අවසන් ව තිබෙනවා . ඉන්පසු එළඹෙන්නේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලයි. පහුගිය කාලයේ දී ජේවීපී ,එල් ටී ටී ඊ වගේ සංවිධාන බිහි වුණේ ගම ගැන බලන්නේ නැතුව නායකයෝ කටයුතු කරපු නිසයි. එවැනි තත්ත්වයක් උදා වෙන්න ඉඩ නොදී හරියාකාරව ගම බලා ගන්නට වැඩ පිළිවෙළක් සකස් කිරීම තමයි වැඩ සමග යළි ගමට වැඩ සටහනේ අරමුණ යැයි ද පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)