April 24, 2024

එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ප්‍රශ්නෙත් විසඳෙයි - සුදුස්සා නම් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තව නොබෝ දිනකින් භාර ගනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආශු මාරසිංහ මහතා අවධාරණය කරයි.

මැතිවරණයකදී පරාජිත වන්නන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වුවත් මේ අවස්ථාවේ පක්ෂයට හිමිව තිබෙන්නේ එක මන්ත්‍රීධූරයක් බැවින් එය සුවිශේෂී අවස්ථාවක් බව මාරසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්විය යුතු සුදුස්සා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව පක්ෂයේ ජේෂ්ඨයින් ඒකමතිකව තීරණය කළ බව පෙන්වා දෙන මාරසිංහ මහතා පක්ෂ මතයට වික්‍රමසිංහ මහතා කන් දෙනු ඇති බවට විශ්වාසය පළ කරයි.

වික්‍රමසිංහ මහතා යම් හෙයින් පක්ෂයේ මතය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊළඟට එම මන්ත්‍රී ධුරය භාර ගැනීමට සුදුස්සා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බවද මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙස මීට පෙරද පෙරද වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඉල්ලීම් කළද වික්‍රමසිංහ මහතා එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ලදී.

Rate this item
(1 Vote)