April 20, 2024

වරාය නගරය බලන්න පැමිණි ලෝක කෝටිපතියාගේ ඊළඟ පිම්ම රාජ්‍ය ඇමති හෙළි කරයි

ඉකුත් 14 වැනි දින කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයට ගිය ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතා වරාය නගරය තුල හා රට තුළ අතිවිශාල ආයෝජනයක් කිරීමට සූදානම් බව මුදල් හා ප්‍රාග්ධන, රාජ්‍ය ව්‍යවසාය, ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒෂියන් මිරර් කළ විමසීමකදී තහවුරු කරන ලදී.

එය බොහෝ විට කොළඹ වරාය නගරය තුළ කෙරෙන විශාලතම ආයෝජනය හෝ ආයෝජනයක් විය හැකි බවට ද රාජ්‍ය අමාත්‍යවරයා ඉඟි පළ කරයි.

 නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතා තමාවද මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වරාය නගරය ගැන තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව  නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතා සිය කැමැත්තෙන්ම එම සංචාරයට පැමිණි බවද අමාත්‍යවරයා තහවුරු කරයි.

 නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතාට කොළඹ වරාය නගර පරිශ්‍රයේදී ඉතා ඉහළ පිළිගැනීමක් හිමිවූ අතර කොළඹ වරාය නගරයේ ප්‍රධාන විධායක ව්‍යාපෘති නිලධාරී රාජා එදිරිසූරිය මහතා ද චීනයේ CHEC Port City ආයතනයේ සහකාර කලමණාකරණ අධ්‍යක්ෂකවරයා වන යූ යූකියැන්ග් යන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

මේ වන විට වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් තිබේ.

සබැඳි පුවත -

ශ්‍රී ලංකාවේ වරාය නගරය බලන්න පැමිණි ප්‍රබල යුරෝපියානු ප්‍රකෝටිපති පවුලේ සාමාජිකයා කවුද?

Rate this item
(0 votes)
Last modified on Friday, 15 January 2021 13:10