April 25, 2024

"බොලාට එපානේ - මම මගේ පැණිය පිටරටට විකුණනවා"

මතභේදයට තුඩු දුන් කෑගල්ල ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ් 19 නසන පැණිය විදේශ රටවලට අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට ධම්මික බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව පැණි බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 250ක් එනම් රු 48,500 පමණ වන අතර තැපැල් ගාස්තුව සඳහා අමතර ඩොලර් 10ක එනම් රුපියල් 1,800ක පමණ මුදලක්ද අය කෙරේ.

ධම්මික බණ්ඩාර මහතා මිට පෙර මෙම පැණිය දේශීය වෙළඳපොලේ අලෙවි කිරීම වස් ඊට රු. 26,000 ක මිලක් නියම කර තිබිණි.

සිය නිෂ්පාදනය ප්‍රචාරක කටයුතු සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් සිය පැමිණ සෞඛ්‍ය ඇමතිවරියට හා කතානායකවරයාට පිළිගන්වන ඡායාරූප මෙන්ම පැණිය ලබාගැනීමට සිය නිවස අසල ජනතාව පොරකන ඡායාරූප ද ප්‍රයෝජනයට ගෙන තිබේ.

Rate this item
(0 votes)