April 25, 2024

හොරණට රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා වැස්සක්

රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අක්කර 500ක භූමියකින් යුත් කර්මාන්ත පුරයක් හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා ආයෝජන මණ්ඩලය හොරණ ප්‍රදේශයේ ඉඩම් තුනක් පිළිබඳ අවධානය අවධානය යොමු කොට තිබෙන අතර ඉන් එකක් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වන බව අපනයන කලාප සංවර්ධන කිරීමේ අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම කර්මාන්ත පුරයේ ආයෝජනයන් සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට අවස්ථාව හිමි වන අතර ඒ හරහා මේ වන විට රබර් ආශ්‍රිත නිෂ්පාදන හරහා උපයන විදේශ විනිමය දෙගුණ කර ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

එම ඉලක්කයට අනුව ඉදිරි වර්ෂ කිහිපය තුල රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයන් හරහා ඇමරිකානු ඩොලර් බිලියන 2ක විදේශ විනිමයක් ඉපයීමට රජයේ ඉලක්ක කොට තිබේ.

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ වන විට හොරණ ප්‍රදේශයේ විවෘත කොට නිෂ්පාදන කටයුතු අරඹා තිබේ.

Rate this item
(0 votes)