March 29, 2024

පිටවල පතන විලාපය - අමු අමුවේ හරක් මරා ඔලු මග දෙපස ප්‍රදර්ශනය කරලා ( වීඩියෝ )

රිවස්ටන් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවුනු අතිශය සංවෙීදී සිද්ධියක් සම්බන්ධව පේරාදෙනිය ශික්ෂණ රෝහලෙහි වෛද්‍යවරයෙක් තම සමාජ ජාලා මාද්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබා තිබුනා . 
යම් කිසි පිරිසක් විසින් එම ප්‍රදේශයේ ගොවි මහතුන්ට අයත් මී හරකුන් අමු අමුවේ මරා දමා  මී හරකුන්ගෙ ඔලු  මාර්ගය අයිනේ තබා යන බව ඔහු වාර්තා කරා . 
අදාල වෛද්‍යවරයා අප සමග පවසා සිටියේ 
"මේක  රිවර්ස්ටන් පාරේ යනකොට දැක්කෙ. මී හරකුන්ගෙ ඔලු කපල පාර අයිනෙ තියල තියනව.
ඒ හරක්ගෙ අයිති කෙනාව හම්බුනා..."
.
"බලද්දි, කුඹුරුවල වැඩ වලට ඇති කරන මී හරක් ඒ.
කාලෙක ඉදන්, රෑට පිරිසක් ඇවිත් උන්ව මරල ඔලු පාර අයිනෙ තියල මස් අරන් යනවලු. බඩේ පැටව් ඉන්න අයවත් මරල, ඔලුව ලගින් මැරිච්ච පැටවුන්ව තියල යනවලු."
තවමත් කාගෙන්වත් විසදුමක් නෑ. අයිති කෙනා ඉල්ලීමක් කරා එයාගේ කතාව වීඩියෝ කරල දාන්න කියල.
.
ඔලු තියල යන එක ගැන ගමේ අය මෙහෙම කතාවකුත් කිව්ව; අයිති කෙනා තමන්ගෙ හරකව හොය හොය හැමතැනම යන නිසා, ඒ සතාව මාරුව කියල දැනුවත් කරන්ඩ එහෙම ඔලුව තියල යනව කියල.
අප අදාල වෛද්‍ය වරයාට දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු පවසා සිටියේ අදාල හරක් මැරීම පිළිවඳව පොලීසියට ගම්මුන් විසින් දන්වා සිටියත් පොලීසිය කිසිදු අවස්ථාවක ගමට පැමීණ නැති බවයි. තමද ඔහුට දැන ගැනීමට ලැබී ඇති පරිදි මෙම ප්‍රදේශය   කඳුකර ප්‍රදේශයක් බැවින් ගොවිතැන් කටයුතු සඳහා ට්‍රැක්ටර් බාවිතා කිරීම අපහසු අතර  හරකුන්ගෙන් පමණක් බොහෝ විට ගොවිතැන් කටයුතු සිදු කරනවා. මෙලෙස දිනෙන් දින හරකුන් මරණයට පත් කිරීම ඔවුන්ට දැරිය නොහැකි පාඩුවක් බව ප්‍රදේශවාසීන් ඔහුත් සමග පවසා තිබෙනවා. 
Rate this item
(0 votes)