April 18, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15කගේ PCR ප්‍රතිඵල එයි

කොවිඩ් -19 වෛරස පරීක්ෂාව සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තා මගින් ඔවුන්ට කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කර ඇති අතර එම වාර්තාව අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ශරීරගත වී  නොමැති බව තහවුරු වී තිබේ. 

පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එහි දෙවන අදියර යටතේ අද (15) පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

Rate this item
(0 votes)