April 20, 2024

රන්ජන් වෙනුවෙන් ඇමැති මහින්දානන්ද පෙරට එයි! රන්ජන්ට එරෙහි නඩු ඉල්ලා අස් කරගනී

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක කෙරෙහි අනුකම්පා කර ඔහුට එරෙහිව නුගේගොඩ අධිකරණය හමුවේ තමා ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
 
මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිරෝධායනයට යොමුකර ඇති බැවින් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි නිසා නිරෝධායන ක‍්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුට විරුද්ධව දමා තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.
 
පසුගිය යහපාලන ආණ්ඩුව තමාගෙන් දේශපාලන පළිගැනීම් කළත් තමන් ඒ ආකාරයෙන් පළිගැනීම් නොකරන බව පැවැසූ ඇමැතිවරයා, මෙය රන්ජන් රාමනායක තනියම කළ දෙයක් නොවන බවත් පැවැති යහපාලන රජයේ හිටපු අගමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු දෙයක් බවත් පැවැසීය.
 
රන්ජන් රාමනායක මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ විනිශ්චයකාරවරුන් හෑල්ලූවට ලක්කළ බවත්, කොන්ත‍්‍රාත් කරන්න ගිය රන්ජන් රාමනායකට මේ ඉරණම අත්වුණු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)