April 23, 2024

තවත් මන්ත්‍රීවරුන් පිරිසකට PCR කරයි

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (15) PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය.

එහි දෙවන අදියර යටතේ අද පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

මේ අතර පසුගිය 13 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම් ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කෙරුණි.

ලබන 19 වැනිදා සිට ආරම්භවීමට නියමිත නව පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)

Related items