April 20, 2024

SAITM ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට යයි

මාලඹේ දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) කළමනාකාරිත්වය විසින් එහි දේපල සහ ඉඩම රු. බිලියන 3.5ක මිලකට වටිනාකමක් සඳහන් කරමින් එහි ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීම සඳහා ඉකුත් 13 වැනිදා වාණිජ දේපල විකිණීම යටතේ වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබේ.

ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමෙන් පසු වෙනත් ස්ථානයක රෝහලක් ඉදිකිරීමට ආයතනයේ කළමනාකාරිත්වය බලාපොරොත්තු වන බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

SAITM බලධාරීන් සිය ණය පියවීම සඳහා වත්කම් විකුණා දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.  

Rate this item
(0 votes)