April 25, 2024

ගැබ්ගත්ත පොඩිම දරුවාගෙ වයස අවුරුදු 11යි - අපි මේ විදියට ආණ්ඩු කරලා මොනදේ කළත් වැඩක් නෑ. -ඇමති පියල් නිශාන්ත

අද වනවිට රට තුළ ළමා අපයෝජන සහ ළමා ගැබ්ගැනීම් වැඩිවී ඇති බවත් රටේ දරුපරපුරේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් ආණ්ඩු කිරීමෙන් ද ඵලක් නොමැති බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ  (12) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමින් .

"අද වෙනකොට ළමා අයයෝජන සංඛ්‍යාව වැඩිවෙලා. ඊට පස්සෙ ළමා හිංසනය වැඩිවෙලා. ළමා ගැබ්ගැනීම් වැඩිවෙලා. ගැබ්ගත්ත පොඩිම දරුවාගෙ වයස අවුරුදු 11යි. ඊට පස්සෙ වීදි දරුවෝ. ඊළඟට විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ. මේ දරුවො මම හොයලා බලනකොට මේ දරුවෝ විශෙෂ අවශ්‍යතා තියෙන දරුවො නෙවෙයි විශේෂ හැකියාවන් තියෙන දරුවො ටිකක් මේ ඉන්නෙ.

ඉතිං ඒ නිසා මං හිතන්නෙ මේ දරු පරපුර පිළිබඳව අපි බලන්න ඕනෙ. හැබැයි අර දරුවෝ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නෙ නැත්නම් අපේ මේ කමිටු තිබිලා, අපි මේ විදියට ආණ්ඩු කරලා මොනදේ කළත් වැඩක් නෑ. 

Rate this item
(0 votes)