April 25, 2024

"ඇත්තටම මට රන්ජන් ගැන කණගාටුයි - රන්ජන්ට නඩු දැම්මේ එතුමාගේ ආණ්ඩුවමයි" - ජොන්ස්ටන්

රිදීගම රම්බඩගල්ලේ පිහිටි විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිරගත කිරීම පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ,

"ඇත්ත වශයෙන්ම මම කණගාටු වෙනවා. මොකද මම කවුරුත් හිරේ යනවට කැමති නැහැ. යහපාලන ආණ්ඩුවෙන් බොරු පැමිණිලි බොරු සාක්ෂි හදලා, විනිශ්චයකාරතුමන්ලාට කතා කරලා එෆ්සීඅයිඩියට කතා කරලා මොනතරම් අපරාධ කළාද පහුගිය අවුරුදු පහේ. රටට වැඩ කරපු මිනිස්සු හිරේ දාලා ව්‍යාපෘති වලින් හොරකම් කළා. මහ බැංකුව එක වතාවක් නෙමෙයි දෙවතාවක් කඩලා හොරකම් කළා. ආර්ථිකය විනාශ කළා. අපි හොඳට අත්දැකීම් ලබපු අය. අපිට තියෙන ශක්තිය නිසා තමයි අපි මේවට එඩිතරව මුහුණ දුන්නෙ.

රන්ජන් රාමනායක ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ එක දෙයයි. එතුමාගේ ආණ්ඩුව කාලයේ තමයි මේකට විරුද්ධව නඩු දැම්මේ. අපහාස කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ. අපි කවදාවත් අපහාස කළේ නෑ. අපි හැමදාම උසාවියට ගෞරව කළා. අපි උසාවි පටන් ගන්නකොටම උසාවිය ඇතුලට ගිහින් ඉන්නවා. තාමත් යනවා මම මට නඩු එකොළහක් දැම්මා තව හතරක් තියෙනවා ඒ නිසා උසාවියට අගෞරව කරනවා නම් එතනින් එහාට රටක පැවැත්මක් නැහැ. හැබැයි ගැහුවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි අපේ ආණ්ඩුවටයි හිටපු අග්‍රවිනිශ්චයකාරතුමිය අයින් කෙරුවා කියලා උසාවියට ඇඟිලි ගැහුවා කියලා හැබැයි. අපි එහෙම කෙරුවේ නැහැ අපි රටේ නීති අනුව තමයි ඒක පාර්ලිමේන්තුවෙන් කළේ ඔවුන් තමයි නීතිය අවනීතිය කෙරුවේ.

මොහාන් පීරිස් අයින් කෙරුවෙ අසාද් සාලි ගිහිල්ලා තර්ජනය කරලා ඒවා ගැන හොයන්න ගත්තොත් ගොඩක් අය හිරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය හා මනුස්සකම නිසා තමයි ගොඩක් අය බේරිලා ඉන්නේ හැබැයි රන්ජන් රාමනායක මහත්තයා හිරේ ගියේ උසාවියට අපහාස කරලා. විනිශ්චකාරවරුන්ට දුරකථන ඇමතුම් දීලා නෙවෙයි තව ඒවා හුඟක් තියෙනවා හොයනවා නම්. මම නම් කණගාටු වෙනවා ඇත්තටම. මම කවුරුත් හිරේ යනවට කැමති වෙන කෙනෙක් නෙවෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ඉඩම් කට්ටි කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් පැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,

පසුගිය අවුරුදු විස්ස පුරා පොල් ගස් කැපීම් පිළිබඳ අපි අසා තිබෙනවා හැම ආණ්ඩුවක්ම කියනවා පොල් ගස් කපන එක තහනම් කරන්න ඕන ඉඩම් කට්ටි කරන එක තහනම් කරන්න ඕනේ කොච්චර ඔහොම දේවල් කිව්වත් ඇතිවෙන්න ඉඩම් කට්ටි කරලා වෙන්දේසි කරනවා දැන් මේ ප්‍රශ්නෙ වැඩිපුරම තියෙන්නෙ පොල් ත්‍රිකෝණයට අයිති කුරුණෑගල දිස්ත්‍රික්කයට. අපේ දිස්ත්‍රික්කයේ පවුල් ලක්ෂ පහක් පමණ ඉන්නවා එතකොට එයින් සියයට දහයක් බැලුවත් අවුරුදු දෙකකට තුනකට සැරයක් ඉඩම් කට්ටි හතලිස්දාහක් පනස්දාහක් පමණ අවශ්‍ය වෙනවා. ඒක නිසා මම යෝජනා කරේ රමේෂ් පතිරණ මැතිතුමාට පොල් ඉඩම් කඩන එක තහනම් කරන එක නෙමෙයි විසඳුම ඒ පොල් ඉඩම් කට්ටි කරලා විකුණන සමාගම් වලට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වෙනකම් ඉඩම් තියෙන නිසා අලුතින් පොල් වගා කරන්න. ඒ අයට දීලා අවුරුදු තුනක් වත් යනකන් බලා ගැනීමේ වගකීමක් එයාලට දෙන්න කියලා මම යෝජනා කළේ. විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ එන නිසා යක්කපිටිය වැනි ප්‍රදේශ වල පොල් අක්කර 40 -50 යෙන්නේ ඕවා නාගරීකරණය වෙන එක නවත්වන්න බැහැ. පොල් ඉඩම් කඩන්න එපා කිව්වහම මිනිස්සු කොහෙද ගිහිල්ලා ජීවත් වෙන්නේ.

මේ අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත් උඩුකුඹුර හා මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 20:02