April 20, 2024

"රන්ජන් කියන්නේ කතා කරන්නවත් වටිනා කෙනෙක් නෙවෙයි" - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැපුනේ ඔහු වැපිරූ අස්වැන්න බවට සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි.

ඒ ඊයේ (13) දින මාධ්‍ය හමුවක් අමතමිනි.

“යාදිසං වපතේ බීජං – තාදිසං හරතෙ ඵලං” යනුවෙන් බුදු වදනක් උපුටා දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් වපුරන බීජ අනුව අස්වැන්න ලැබෙන බවට සියලු දෙනා අවබෝධ කරගත යුතු බවය.

රන්ජන් රාමනායක මහතා පිළිබඳව කතා කිරීමට තරම් වටින බව තමන් වහන්සේ නොසිතන බවද එහිදී ප්‍රකාශ කෙරිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 13:22