April 19, 2024

උප නායකකමෙන් මට වැඩක් නෑ - මන්ත්‍රී ධූරයයි අවශ්‍ය

අකිල විරාජ් කාරියවසම් මහතාට එක්සත් ජාතික පක්ෂ උප නායකත්වය ලබා දුන්නද ඔහු ඉන් සෑහීමට පත් නොවී සිටින බවත් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ උප නායකත්වයට පත් කළ ඉකුත් 13 වැනි දින පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පෙර දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී ඔහුගේ සමීපතයින් කිහිප දෙනෙකු සමග විශේෂ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡාවට කාරියවසම් මහතාද සහභාගී වී ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා ඇතුළු එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස කාරියවසම් මහතා හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ මන්ත්‍රී ප්‍රශ්නය ගැන කතා කිරීම නවතා රට වටා ගොස් පක්ෂය සංවිධානය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙසය.

එහෙත් තමාට මන්ත්‍රීධූරයෙන් තොර ඉදිරි දේශපාලන ගමනක් නොමැති බව කාරියවසම් මහතා දැඩිව විශ්වාස කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 12:52