April 20, 2024

ජනතාව පෙළන ආණ්ඩුවේ මේ ගමන මම තවදුරටත් ඉවසන්නේ නැහැ - මෛත්‍රී

ආණ්ඩුව ජනතාව පෙළමින් විපක්ෂයේ දේශපාලනය මර්දනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසමින් යන ගමන තවදුරටත් ඉවසීමට නොහැකි බව හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

මේ තත්ත්වය තුළ රට හා ජනතාව ගැන හැඟීමක් ඇති පුද්ගලයකු ලෙස තමාට තවදුරටත් ඉවසා සිටීමට නොහැකි බව ද ගුණරත්න මහතා පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස හා පුරවැසි දේශපාලන අයිතීන් වෙනුවෙන් සක්‍රියව දායක වීමට තමා තීරණය කර තිබෙන බවද ගුණරත්න මහතා අවධාරණය කරයි.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව විපක්ෂය යම් මැදිහත්වීමක් සිදු කලද එය යම් සීමාවන්ට කොටු වී ඇති බව පෙන්වා දෙන ගුණරත්න මහතා එහි ක්‍රමවත් බවක්, සංවිධාන බවක් නොමැති හුදු ප්‍රදර්ශනාත්මක විරෝධයක් පමණක් බවද සඳහන් කරයි.

ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කතා පැවැත්වීම මෙන්ම හුදු පුද්ගලික විරෝධතා ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන ගුණරත්න මහතා ආන්ඩුවේ දූෂණයට, භීෂණයට හා අශීලාචාර දේශපාලන එරෙහිව ජනතාව සමඟ සම්මුතියකට එළඹීමට තමා කටයුතු කරන බව ද වැඩිදුරටත් සදහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 12:55