April 23, 2024

රාවණා පැණිය බිවුවාද? නිරෝධායනයේ සිටින ඇමති දයාසිරිගෙන් මුල් වරට ප්‍රකාශයක් (VIDEO)

තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිතා කළේ යැයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් භාවිත කලේ නැති බවත් ඔහු සඳහන් කරයි.

වෛරසය ආසාදි වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායන ලක්වෙමින් සිටින බව ද ඔහු පැවසීය.

අදාළ පුද්ගලයා විවිධ අය හරහා තමන් සම්බන්ධ කර ගැනීමට තුන් හතර වතාවක් උත්සාහ දැරුව ද තමන් ඊට ඉඩ නොදුන් බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා වැලදීමෙන් පසු නිරෝධායනයට ලක්වන හික්කඩුවේ හෝටලයේ සිටයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 09:26

Related items