April 20, 2024

"රන්ජන්ට මන්ත්‍රී දුරය අහිමි වෙන්නේ නෑ" - හර්ෂ ද සිල්වා ගෙන් නීතිමය තර්කයක් ( වීඩියෝ )

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධිකරණයට අපහාස කිරීම සඳහා සිරගත කිරීමේ කාල සීමාව නියම කර නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ සිරදඬුවම යොදා ගත නොහැකි බවයි මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.


නීති කෘතයට අනුව මෙම නුසුදුසුකම් අදාළ වන්නේ මැතිවරණයක් අපේක්ෂා කරන හෝ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන අයට බවයි ඔහු සදහන් කලේ .

මෙම වරද අවුරුදු දෙකකට නොඅඩු කාලයක් සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවත් අධිකරණය අපහාස කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිර දඬුවමක් නියම නොකරන බවට නීතිමය තර ගොඩ නැගී ඇති බවට ඔහු කියා සිටිනවා .

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (d) වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සකු කළ නොහැකි බවත්, මන්ත්‍රීවරයකු ලෙස දිගටම කටයුතු කිරීමට ඔහුට අයිතිය තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 January 2021 04:21