April 20, 2024

රන්ජන් වෙනම කාමරයක රඳවයි - අමුත්තන්ට හමුවීමට අවසර නෑ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ රඳවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානය තුළ වෙනම කාමරයක රඳවා ඇති බවයි.

කෙසේ නමුත් පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති බව සහ බන්ධනාගාරයෙන් සැපයෙන අහාර පමණක් ලබාදෙන බවත් වාර්තාවේ.

තවද අමුත්තන්ට හමුවීමට අවසර නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දින 14 ක කාලයක් එම මධ්‍යස්ථානයේ රඳවා තබා PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිපලය අනුව බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට නියමිතය.

Rate this item
(0 votes)