April 25, 2024

ලාබාලතම බස්නායක නිලමේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයට පත්වෙයි

අද දින පැවති නිලවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා වශයෙන් ‍නීතිවේදී රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතා නිතරගයෙන් තේරී පත් විය.

මීට වසර 35 කට ප්‍රථමව ඒ මහතාගේ පියාණන් විසින් එවකට මෙරට ලාබාලතම බස්නායක නිලමේ වරයා ලෙසින් තේරී පත්ව තබා තිබූ වාර්තාව අභිබවා යාමට රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතාට හැකි විය.

ඒ මහතා වර්තමානයේ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් හා වර්තමානයේ මෙරට ජේෂ්ඨතම බස්නායක නිලමේ වරයාද වන දේශමාන්‍ය ගැමුණු ටී.බී. වලිසුන්දර මැතිතුමන්ගේ දෙටු පුත්‍ර රත්නයයි.

Rate this item
(3 votes)