April 20, 2024

ෆිනෑන්ස් කොම්පැණි 03 ක් බිලියන ගනණක දඩ කයි

2006 අංක 6 දරන මුදල් ගනු-දෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනු-දෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නො වන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කර ඇත.

මෙම දඩ නියම කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර තුළ මුල්‍ය සමාගම් නියාමනය තුළ මෙම කරුණ විමර්ෂණය කර අදාළ දඩ මුදල් නියම කළ බව මහ බැංකුවේ නිවේදනයේ සඳහන් වේ.

සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති උල්ලංඝනය කිරීම් පදනම් කරගෙන 2020 ජුනි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 15.10.2020 දින රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයෙන් රුපියල් 300,000.00 ක් ද 04.11.2020 දින සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී.එල්.සී මූල්‍ය ආයතනයෙන් රුපියල් 1,000,000.00 ක් ද 25.11.2020 දින සියපත ෆිනෑන්ස් පී.එල්.සී මූල්‍ය ආයතනයෙන් රුපියල් 1,000,000.00ක් ද ලෙස දඩ මුදල් අය කර ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 07:59