April 25, 2024

ජනපතිට විරෝධය පා හරීන් වෙනුවෙන් සජබෙන් කතානායකට ලියුමක්

ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු මහතා ඉලක්ක කර කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද (13) දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් බාර දීමට පියවර ගත්තේය.

එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ලබා දී ඇති මෙම ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස එම වගකීම ඇත්තේ කතානායකවරයාට බවත් දැනුම් දී තිබේ.

මෙම අවස්ථාවට එම පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)