April 24, 2024

එංගලන්න නව වෛරස් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි - දැන් ලංකාව කොරෝනා අවදානමේ බව වසංගත රෝග අංශ පිලිගනී

එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව වෛද්‍යවරයා පැවසීය.

"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙනවා. ඒ නිසා විදේශ රටවල සිට පැමිණෙන අය ගැන විශේෂ අවදානය යොමුකළ යුතුයි. මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවත් රෝගය වේගයෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගීවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්." යැයි ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2021 11:54