April 20, 2024

ආණ්ඩුවේ ලොකු වෙනසක්? ජනපති සහ අගමැති පමණක් හදිසියේ හමුවෙයි - තීරණාත්මක සාකච්ජාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (12) විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පැය එකහමාරක් පුරා පැවැත්වී ඇති මෙම සාකච්ජාවට වෙනත් කිසිදු පුද්ගලයෙකු සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.

මෙම සාකච්ජාවේදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ජා වුණාද, එසේත් නැතිනම් ආණ්ඩුව ඇතුළේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබද සාකච්ජා වුණාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 13 January 2021 11:38